හෝමූස් යළි විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය ගිවිසුමකට එළඹෙයි
හෝමූස් යළි විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය ගිවිසුමකට එළඹෙයි
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනා ගමනය සඳහා ඕමානය සමග ගිවිසුමකට එළඹි බව ඉරානය පවසනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඕමානය සමග ඇති කර ගත් ගිවිසුමක් මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය සහතික කළ නොහැකි බවද ඔහු පවසා තිබේ.
ඇමෙරිකාව, ඉරාන වරාය අවහිර කිරීමෙන් ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා. ඇමෙරිකාව සහ ඕමානය මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ.
පසුගිය පෙබරවාරි මාසයේ දී ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහරදුන්දා සිට හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය මගින් අවහිර කර තිබේ.
ලොව පුරා තෙල් හා ද්‍රව ස්වභාවික වායුවලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන්නේ මේ හරහායි. එය ඉතා ඉක්මනින් විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා යළිත් අනතුරු ඇඟවුවා.
ඒ මේ සතිය අගදී නැව්ගත කිරීම් යලි ඇරඹීමට ඉඩ සැලසිමේ සාකච්ඡා ප්‍රගතියක් ලබා ඇති බවට ඇමෙරිකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසීමෙන් අනතුරුවයි.
අතර ඉරානය පවසන්නේ ඇමෙරිකාව සමග සාකච්ඡා නොකරන අතර එසේ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
