​‘හරක් කටා’ ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග

0
හරක් කටා මාරු කරන්න අධිකරණයෙන් නියෝග

හරක් කටා මාරු කරන්න අධිකරණයෙන් නියෝග

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ආරක්ෂාව ඇති සුදුසු බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට නියෝග කර තිබේ.

ඒ, කොළඹ මහාධිකරණය විසින්.

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම නියෝගය ලබාදී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම සළකාබලා ඇති අතර මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා සිදුකරන බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com