ආගමන විගමන ඇතුළු ආයතන 4ක් ගැන පැමිණිලි කරන්න, 118 අමතන්න

0
ආගමන විගමන ඇතුළු ආයතන 4ක් ගැන පැමිණිලි කරන්න, 118 අමතන්න

ආගමන විගමන ඇතුළු ආයතන 4ක් ගැන පැමිණිලි කරන්න, 118 අමතන්න

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම සහ තොරතුරු ලබාදීම සඳහා විශේෂයෙන් ස්ථාපිත කරන ලද ‘118 මහජන ආරක්ෂක සේවා මැදිරිය’ නිල වශයෙන් ආරම්භ කර ඇත.

දිවයින පුරා සිටින ජනතාවට අදාළ රාජ්‍ය ආයතන පිළිබඳ සිය පැමිණිලි සහ තොරතුරු සෘජුවම යොමු කිරීමේ පහසුව තකා 118 ගාස්තු විරහිත දුරකථන අංකය මෙන්ම 118.pubsec.gov.lk නිල වෙබ් අඩවියද මෙහිදී හඳුන්වා දෙනු ලැබීය.

මේ අනුව, මහජනතාවට නොමිලේ දුරකථන ඇමතුම් මාර්ගයෙන් හෝ මාර්ගගතව (Online) සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව හිමි වේ.

මෙයින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන 04 සම්බන්ධයෙන් වන පැමිණිලි සහ තොරතුරු භාරගැනීමට නියමිතයි.

අදාළ රාජ්‍ය ආයතනයන්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමත්, මහජනතාව සහ අමාත්‍යාංශය අතර පවතින සෘජු සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම නව වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com