රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උතුරු කලාප ලේඛනාගාරය මහජන අයිතියට
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උතුරු කලාප ලේඛනාගාරය මහජන අයිතියට
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට අයත් උතුරු කලාප ලේඛනාගාරය වවුනියාව, කනකරායන්කුලම් ප්‍රදේශයේ A9 පාර, මන්නකුලම්හිදී විවෘත කර මහජන අයිතියට පත් කර තිබේ.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.
උතුරු පළාත් ජනතාවට මෙතෙක් කල් උප්පැන්න, විවාහ, මරණ සහතික ඇතුළු මූලික ලේඛන ලබා ගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන ලේඛනාගාරය වෙත පැමිණීමට සිදු වූ අපහසුතාව නිමාවට පත් කරමිනුයි මෙය සිදු කෙරුණේ.
ඊයේ (30) පස්වරුවේ පැවති සමාරම්භක අවස්ථාවේදී උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන පරිපාලන හා දෛනික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය මූලික කරුණු සාකච්ඡා කෙරුණා.
මෙතෙක් කල් සහතික ලබා ගැනීමට කොළඹ මාලිගාවත්ත ලේඛනාගාරය වෙත යාමට සිදු වීමෙන් ජනතාවට දින ගණනාවක් ගමන් වියදම් හා නවාතැන් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
මෙම නව කලාපීය ලේඛනාගාරය ස්ථාපිත කිරීම හරහා ජනතාවගේ කාලය හා මුදල් ඉතිරි වී ප්‍රදේශයේ නිෂ්පාදන ක්‍රියාවලියට සහ ගොවිතැනට සිදු වූ බාධාවන්ද සම්පූර්ණයෙන්ම නිරාකරණය වන බවයි මෙහිදී පෙන්වා දුන්නේ.
එමෙන්ම මෙම කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මන්නකුලම් ප්‍රදේශයේ කුඩා නගරයක් නිර්මාණය වී ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාරික හා ස්වයං රැකියා අවස්ථා රාශියක් උදා වේ.
