මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාවට ADB වෙතින් ඩො.මි 200ක්

0
මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාවට ADB වෙතින් ඩො.මි 200ක්

මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාවට ADB වෙතින් ඩො.මි 200ක්

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තමත් කිරීම සඳහායි මෙම ණය මුදල ලබාදීමට තීරණය කර ඇත්තේ.

මෙය මෙරට වෙළෙඳාමේ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිතයි.

ඒ අතුරින් ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක ණයක් ලෙස වෙන් කර තිබේ.

දුරස්ථ ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවට ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුලුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

ඒ අනුව වෙළද පද්ධති නවීකරණය, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ඉහළ නැංවීම , ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com