ප්රමිතියෙන් තොර හිස්වැසුම් සොයා රට පුරා වැටලීම් 98ක්
ප්රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් වැටලීම්
ජනතාවගේ ජීවිත පිළිබඳ සැලකිලිමත් වෙමින් ප්රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් වැටලීම් 98ක් පසුගිය සඳුදා සිදු කෙරුණු අතර එහිදි හෙල්මට් 431ක් ප්රමිතියෙන් තොර බවට අනාවරණය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හැකි වි තිබේ.
ප්රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා දෙකක් කොළඹ අවටින් හඳුනාගත් අතර ඒවායෙහි තිබී ප්රමිතියෙන් තොර හෙල්මට් 3520ක් සොයා ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ.




