හිටපු ඇමති රාජිතට අධි ⁣⁣චෝදනා

0
හිටපු ඇමති රාජිතට අධි ⁣⁣චෝදනා

හිටපු ඇමති රාජිතට අධි ⁣⁣චෝදනා

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි ⁣⁣චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි ඊයේ (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වුවාය.

තවද මෙම සිද්ධියට අදාල පළමුවන සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට චෝදනා ගොනු නොකරන බවත් එම නිසා ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල දෙවන සැකකරුට අධිචෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් පළමුවන සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් නියෝග කල අතර,

සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවය.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස දන්වා සිටියි.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබුණා.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධියට අදාල නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com