මෙරට ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල ‘Colombo Literary Festival 2026’ කොළඹදී ආරම්භ වෙයි

0
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල ඇරඹෙයි

මෙරට සාහිත්‍ය හා සංස්කෘතික කලාව නව මානයකට රැගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරනු ලබන ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන කොළඹ සාහිත්‍ය සමය “Colombo Literary Festival 2026” ඊයේ(24) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය ප්‍රකට දේශපාලනඥයෙකු සහ ලේඛකයෙකු වන ආචාර්ය ශෂී තරූර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

24 සිට 29 වෙනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් “Arcade Independence Square” පරිශ්‍රයේදී මෙම උළෙල පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

අනාගතයේ අප රට ඉතා විශිෂ්ට තත්වයට පත් කළ හැකි අවස්ථාවක සාක්ෂි කරුවන් බවට පත්වන මෙන්ම මෙරට අනන්‍යතාවයට සාහිත්‍ය එක් කරගෙන යන ගමනක සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම සාහිත්‍ය උළෙල පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ලෝකයේ සෑම රටක්ම සිය අනන්‍යතාවයන් තහවුරු කිරීමට විවිධ අංශ ඔස්සේ කටයුතු කරන අවස්ථාවක සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් එවැනි ප්‍රවේශයක් ගැනීම ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා භාෂා ත්‍රිත්ත්වයකින් විවිධ මානයන් ඔස්සේ සාහිත්‍ය පිළිබඳ කථා කරන, අධ්‍යයනය කරන සියළු වයස් සීමාවන්ගේ ජනතාවට මෙම සාහිත්‍ය උළෙල වේදිකාවක් වනු ඇති බව ද පැවසුවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල ලෙස සංවිධානය වන මෙම උළෙල තුළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සමාන වටිනාකමක් හා අවකාශයක් ලබාදෙමින් දේශීය හා ජාත්‍යන්තර ලේඛකයන්, කවියන්, විචාරකයන්, ශාස්ත්‍රවේදීන්, චිත්‍රපටකරුවන්, කලාකරුවන් සහ පාඨකයන් එක් වේදිකාවකට එක් කරයි.

දින හයක පුරා පැවැත්වෙන මෙම උළෙලේදී සාහිත්‍ය සංවාද, නව ග්‍රන්ථ එළිදැක්වීම්, කෘතිමය වැඩමුළු, චිත්‍රපට ප්‍රදර්ශන, සංස්කෘතික වැඩසටහන්, සංගීත ඉදිරිපත් කිරීම් සහ පොත් අලෙවි ප්‍රදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

සියලු වයස් කාණ්ඩවල පාඨකයන්, සිසුන්, නිර්මාණකරුවන් සහ සාහිත්‍යයට ආදරය කරන සැමට මෙම උළෙල විවෘතයි.

Colombo Literary Festival 2026 හි අරමුණ වන්නේ සාමාන්‍ය පොත් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම සම තැනක් දීම සහ ශ්‍රී ලාංකීය සාහිත්‍යය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com