මිලියන 110ක් වටිනා කොකේන් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
මිලියන 110ක් වටිනා කොකේන් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 110කට ආසන්න කොකේන් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 79ක් වන ස්පාඤ්ඤ ජාතිකයෙක්. ඔහු සියෙරා ලියෝන් හි සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ.
ඔහුගේ ගමන් මල්ල රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක්කළද සැකකටයුතු කිසිවක් හමුවී නැත.
කෙසේ වුවද ඔහුගේ අනෙක් ගමන් මල්ල ගුවන් යානයෙන් නොපැමිණීම හේතුවෙන් නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපලෙන් පිටව යාමට ඔහුට අවසර හිමිවිය.
ප්‍රමාද වූ ගමන් මල්ල පසුව මෙරටට රැගෙනවිත් ඇත.
එය භාර ගැනීම සඳහා මෙම පුද්ගලයා ගුවන් තොටුපලට පැමිණ ඇති අතර එම මල්ල නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමේ දී කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 198ක මත්ද්‍රව්‍ය තොගයක් මෙහි තිබී සොයා ගත්තා. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.




