කල්පිටියේදී නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකින් මත්පෙති 67,000කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් දැලට
නීති විරෝධී මත්පෙති සහ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සඟවා තිබූ මත්පෙති සහ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය සමත්වුණා.
ඊයේ (19) ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේදී සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකිනුයි මෙම මත්පෙති සහ බීඩි කොළ තොගය සොයාගෙන තිබෙන්නේ.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කල්පිටිය පොලීසිය හා එක්ව, කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.
එහිදී, නීතීවිරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සඟවා තිබූ මත්පෙති 67,640ක් සහ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 30ක් පමණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අප කළ විමසීකදී කල්පිටිය පොලිසිය සඳහන් කළේ.
සැකකරු අවුරුදු 38ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.





