ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

0
ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

ඉන්දි­යාව පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක වන දුම්රිය සේවා­වක් ආරම්භ කළ බව රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

පසු­ගි­යදා අග­මැති නරේන්ද්‍ර මෝදි විසින් එරට පළමු හයි­ඩ්‍ර­ජන් දුම්රිය ජනතා අයි­ති­යට පත් කිරි­මත් සමඟ සාම්ප්‍ර­දා­යික ඩීසල් දුම්රිය එන්ජින් සඳහා වඩාත් පිරි­සුදු සහ පරි­සර හිත­කාමී වික­ල්ප­යක් ලෙස සැල­කෙන හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක දුම්රිය සේවා­වන් පව­ත්වන ලොව පුරා රට­වල් අත­ළොස්ස අත­රට ඉන්දි­යාව එක්වූ බව රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ජර්ම­නිය, ජපා­නය, චීනය සහ අමෙ­රි­කාව රට­වල දැන­ට­මත් හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක වන දුම්රිය සේවා­වන් පැවැ­ත්වෙන අතර, ශුන්‍ය කාබන් විමෝ­ච­න­යක් සහිත මේ දුම්රිය මඟින් පිට­වන්නේ තාපය සහ ජල­වාෂ්ප පම­ණක් බැවින් එය පිරි­වැය අවම කිරි­මට ද හේතු­වනු ඇතැයි වාර්තා වේ.

මගීන් 2,500කට පමණ එක­වර ගමන් කළ හැකි මැදිරි 10කින් සම­න්විත නව දුම්රිය ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර ආස­න්නයේ පිහිටි උතුරු හර්යානා ප්‍රාන්තයේ ජින්ඩ් සහ සෝනි­පට් නගර අතර දින­කට දෙව­රක් ධාව­නය කිරී­මට නිය­මි­තව ඇති අතර, එහි කිලෝ­මී­ටර් 90ක දුරින් යුතු දුම්රිය මාර්ගය විවෘත කිරිමද නරේන්ද්‍ර මෝදි අතින් සිදුවූ බව රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය. පැයට කිලෝ­මී­ටර් 75ක උප­රිම වේග­ය­කින් යුතුව ධාව­නය වන හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක නව දුම්රිය සේවය මඟින් වසර 2030 වන විට ශුන්‍ය කාබන් විමෝ­ච­න­යක් සහිත දුම්රිය සේවා­වක් සහිත රටක් බවට පත්වීම ඉන්දි­යාවේ අපේ­ක්ෂාව වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com