​හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට නාවික සම්බාධක: ගෝලීය බොරතෙල් සැපයුමට දැඩි තර්ජනයක්

0
හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරතාවයක් පනවනයි

හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරතාවයක් පනවනයි

යේමනයේ ක්‍රියාත්මක වන හූති (Houthi) කැරලිකරුවන් විසින් සෞදි අරාබියට එරෙහිව සාගර නාවික අවහිරතාවයක් (Naval blockade) ප්‍රකාශයට පත් කර තිබේ.

හූති සංවිධානයේ මෙම නවතම පියවර හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුම් ජාලයට එල්ල වන තර්ජන තවදුරටත් පුළුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස මුහුදු මාර්ග සම්බාධක පැනවීමට තීරණය කළේ සෞදි අරාබිය විසින් යේමනයට එරෙහිව පනවා ඇති අසාධාරණ සහ මර්දනකාරී වටලෑමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බවයි හූති සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *