හිතාමතාම බදු පැහැරහරින්නන්ට එරෙහිව අපරාධ නඩු, මාස 6ක සිරදඬුවම් හෝ ලක්ෂ 4ක දඩ

0
හිතාමතාම නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

හිතාමතාම නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය හිමිව ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම යන හේතූන් සඳහා එලෙස නඩු පැවරීම සිදුකළ හැකි බව සඳහන් වෙයි.

කෙසේවෙතත් නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිතා කරන අතර ඊට පෙර නීතිමය ක්‍රියාවලීන් කිහිපයක් අනුගමනය කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

ඒ අනුව, නඩු පැවරීමකට පෙර ඒ පිළිබඳ දැනුම්දී නිවේදනයක් නිකුත් කිරීම සහ දින 30ක සහන කාලයක් ලබාදීම සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාල කාලය තුල එම අවශ්‍යතාවය සපුරාලීම සිදු නොකරන්නේ නම් එය නීතිමය වරදක් ලෙස සැලකෙන අතර ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට හැකියාව පවතින බව සඳහන් වෙයි.

මේ අතර, යම් හෙයකින් අදාල චෝදනාවට වරදකරු වූවහොත් රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩයක් මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ අදාල දණ්ඩණයන් දෙකම පැනවීමට හැකියාව පවතින බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම වැඩපිළිවෙල හිතාමතා බදු වංචාකරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා පමණක් වන අතර සහයෝගීව කටයුතු කරන පුද්ගලයින්ට දඬුවම් කිරීම මෙහි අරමුණ නොවන බව දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com