කෝටි 16ක චෙක්පත් වංචාවකට හිටපු එජාප නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති රිමාන්ඩ්

0
වෙළෙඳුන් රවටා කෝටි ගාණක මුදල් වංචා කළ හිටපු නාගරික මන්ත්‍රීනිය අත්අඩංගුවට

වෙළෙඳුන් රවටා කෝටි ගාණක මුදල් වංචා කළ හිටපු නාගරික මන්ත්‍රීනිය අත්අඩංගුවට

පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6දෙනෙකු රවටා මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර කාන්තාව එම ව්‍යාපාරිකයින් රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඇය කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර ඊයේ (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් එහි ගොස් තිබේ.

එහිදී ව්‍යාපාරිකයින් හා කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පසුව මිරිහාන පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අදාළ ව්‍යාපාරිකයින් විසින් ඇයට එරෙහිව ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සැකකාරිය මිරිහාන පොලිසිය විසින් වත්තල පොලිසිය වෙත ඇය භාර දීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් අදාළ කාන්තාව අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇයව ලබන 21වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com