2030 වන විට ජල භීතිකාව ලංකාවෙන් තුරන් කිරීමට විශේෂ සැලසුමක් – සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

0
2030 වන විට ජල භීතිකාව ලංකාවෙන් තුරන් කිරීමට විශේෂ සැලසුමක් - සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

2030 වන විට ජල භීතිකාව ලංකාවෙන් තුරන් කිරීමට විශේෂ සැලසුමක් - සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

වසර 2030 වන විට ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජල භීතිකාරෝගය මෙරටින් තුරන් කිරීම සඳහා දින 04ක වැඩමුළුවක් කටුනායකදී පැවැත්වුණා. විදේශ සංවිධාන රැසක නියෝජිතයන් ඊට එක්ව සිටියා.

වැඩමුළුව සංවිධාන කළේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි.

ජල භීතිකාව මිනිසුන්ට වැළඳීම වැළැක්වීමට නම් ප්‍රථමයෙන් එය සතුන්ගෙන් ඉවත් කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, මඟතොට වෙසෙන සුනඛයන්ට ආහාර ලබාදෙන පිරිස් ඔවුන් පිළිබඳ වගකීමක් ද ගත යුතු බව අවධාරණය කළා.

1973 වසරේදී මෙරට ජල භීතිකා මර්දන වැඩසටහන ආරම්භ කරන විට වසරකට මරණ 370කට වඩා වාර්තා වූ අතර, ක්‍රමිකව එය මේ වන විට වසරකට මරණ 14ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත්, වත්මන් රෝහල් පද්ධතිය තුළ සිදුවන එන්නත්කරණය නිසා රෝගීන් බේරාගත හැකි වුවද එය රජයට විශාල මූල්‍යමය බරක් වන බැවින්, සුනඛයන් අතරම රෝගය පාලනය කර මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම නිමා කිරීම රජයේ අරමුණයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com