කෝටි 10ක කොකේන් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

0
කෝටි 10ක කොකේන් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

කෝටි 10ක කොකේන් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (18) ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින්.

සැකකරු 23 හැවිරිදි වියේ පසුවන මැලේසියාවේ ආපනශාලාවක සේවය කරන්නෙක්. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් මිළදී ගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරු රැගෙන ආ ගමන් මල්ල තුළ චොකලට් ටොෆි අඩංගු භාජන 03ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය කරල් 92ක් ලෙස සූක්ෂම ලෙස අසුරා සඟවා ගෙන රැගෙන විත් තිබුණා.

එහි බර කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 816ක් බව සඳහන්.

සැකකරු සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com