මදුරුවන් බෝ කළොත් රු. 25,000ක දඩයක් සමඟ නඩු – පොලිසියෙන් දැඩි මෙහෙයුමක්

0
මදුරුවන් බෝ කළොත් රු. 25,000ක දඩයක් සහ නඩු - පොලිසියෙන් දැඩි මෙහෙයුමක්

මදුරුවන් බෝ කළොත් රු. 25,000ක දඩයක් සහ නඩු - පොලිසියෙන් දැඩි මෙහෙයුමක්

රට තුළ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින අතර මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතියි.

දිවයින පුරා පොලිස් කොට්ඨාස 48ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු හරහා ඩෙංගු මර්දන පවිත්‍රතා ශ්‍රමදාන, දැනුවත් කිරීමේ වැඩසටහන් හා නීතිය බලාත්මක කිරීම යන ක්‍රියාමග සම්බන්ධයන් මහජනතාව දැනුවත් කිරීමට හා මෙම රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියා කරන ලෙස සියළුම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වෙත පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි පරිශ්‍රය අපිරිසිදුව තබා ගන්නා තැනැත්තන්ට එරෙහිව දැඩි ලෙස නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදි එම තැනැත්තන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය ප්‍රකාරව අධිකරණයේ නඩු පැවරීම සිදු කරන බවටත් මහජනතාව වෙත පොලිස්පතිවරයා තවදුරටත් දන්වා සිටියි.

තවද, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ප්‍රකාරව, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි එම පරිශ්‍රය අපිරිසිදුව තබා ගැනිම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමටත් සෞඛ්‍ය අංශ වෙත නීතිමය බලය ලැබෙන අතර, රතු නිවේදනය පැහැර හරිමින් යම් තැනැත්තෙකු එම රතු නිවේදනයෙහි සඳහන් උපදෙස් නියමිත කාලය තුල ඉටු නොකිරීම එම පනතේ 06 වන වගන්තිය අනුව රුපියල් 25000/=ක උපරිම දඩයකින් දඬුවම් ලැබිය හැකි වරදක්.

තවද, 2026 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා මාස කාලය තුල තම වාසස්ථාන අවට පරිසරයේ මදුරුවන් බෝ වීමට හිතකර තත්ත්වයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයන්හි නඩු 4672ක් පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

එක් අහිමි වූ කුඩා ජිවිතයක් යනු එක් පවුලක පමණක් නොව, සමස්ත සමාජයේම නොපිරෙන හිඩැසකි.

එවැනි සෝචනීය සිදුවීම් නැවත කිසිදු නිවසක කඳුලක් නොවීමට නම්, සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ දෙමාපියන්, භාරකරුවන් හා සමාජයේ සියලු දෙනාම වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

එබැවින් ඩෙංගු මාරයා පැරදවීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com