මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර

0
මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

එහි සභාපති ජනක රාජකරුණා පැවසුවේ, ඉන් ටැංකි 4ක් ගුවන්යානා ඉන්ධන ගබඩා කිරිමට ඉදිකරන බවයි.

ඛනිජ තෙල් බෙදා හැරීමේ සහ ගබඩාකිරීමේ යටිතල පහසුකම් පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම තෙල් ටැංකි ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනයට කිලෝ මීටර් 21ක දිගින් යුත් නළ මාර්ගයක්ද ඉදිකරන බව සභාපති ජනක රාජකරුණා පැවසීය.

සභාපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාව දක්වා තෙල් රැගෙන යන නවීන නල මාර්ගයක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉරාන ඇමරිකා අවබෝධතා ගිවිසුම හමුවේ පහළ බැස තිබූ ඉන්ධන මිල ගැටුම් යළි ආරම්භ වීම හේතුවෙන් මේ වන විට ඉහළ ගොස් තිබේ. (17) උදෑසන වන විට බ්‍රේන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84යි ශත 85ක් ලෙසයි. ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 79යි ශත 52යි.

මේ අතර මැදපෙරදිග පවතින යුධ තත්ත්වය හමුවේ මෙරටට ඛනිජ තෙල් රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බවද සභාපතිවරයා පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com