වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 143ක්

0
වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 143ක්

වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 143ක්

2026 යල කන්නයේ වී මිලදී ගැනීම හෙට (13) දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

බොහෝ ප්‍රදේශවල මේ වන විට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කර තැබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.

ඒ අනුව, දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා මගින් වී මිල දී ගැනීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ම, ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම සඳහාද සාකච්ඡා පවත්වා ඇති බවත් ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ ලබා දීමට එකඟතාව පළ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com