ට්‍රම්ප් නමින් අමෙරිකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්

0
ට්‍රම්ප් නමින් අමෙරිකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්

ට්‍රම්ප් නමින් අමෙරිකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නම නිල වශයෙන් වෙනස් කර තිබේ.

ඒ අනුව, එය “ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ” ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

මෙම නාම වෙනස් කිරීමත් සමඟ මෙතෙක් භාවිත කළ PBI කෙටි කේතය වෙනුවට DJT (Donald J. Trump) කේතය හඳුන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, ලබන අගෝස්තු 18 වැනිදා දක්වා ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී පැරණි PBI කේතයම භාවිත කළ යුතු බව සඳහන්.

විදෙස් වාර්තා අනුව, මෙම නාම වෙනස් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මීට පෙරද අමෙරිකාවේ නාවික හමුදා නෞකා, රජයේ වැඩසටහන් සහ ගොඩනැගිලි කිහිපයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යොදා තිබෙන බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com