මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජුලි 14 සිට

0
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජුලි 14 සිට

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජුලි 14 සිට

“මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය” 2026 ජුලි 14 දින සිට ජුලි 20 වන දින දක්වා සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මෙවර එය සමරනුයේ “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන්න තේමා කරගනිමිනි.

ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකික මුල් ළමා විය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම සතියට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරණු ලබයි.

ගර්භනී සහ කිරි දෙන මව්වරුන්,මුල් ළමාවිය දරුවන්, මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය යන විෂය ක්ශේත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදකයින්, පෙරපාසල් ගුරුභවතුන් සහ දෙමව්පියන් ඉලක්ක කර ගනිමින් මෙම සති වැඩසටහන සම්පාදනය කොට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com