මුහුදු කූඩැල්ලන් ජාවාරමක සැකකරුවන් 26 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

0
මුහුදු කූඩැල්ලන් ජාවාරමක සැකකරුවන් 26ක් නාවික හමුදා අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් ජාවාරමක සැකකරුවන් 26ක් නාවික හමුදා අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා 12ක් සහ සැකකරුවන් 26 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව ඊයේ (09) මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් ගණනින් හැටදහස් හාරසිය හතලිස් අටකට අධික තොගයක් සමඟ සැකකරුවන් විසි හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකාගජබා ආයතනය මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් විශාල තොගය නාවික හමුදාව විසින් සොයාගෙන නීතියේ භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර මන්නාරම හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
ඔවුන්, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා දොලහක් සමඟ වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com