නාත්තන්ඩියට Silicone City නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට සැලසුම්

0
නාත්තන්ඩියට Silicone City නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට සැලසුම්

නාත්තන්ඩියට Silicone City නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට සැලසුම්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් නාත්තන්ඩිය, මහවැව ප්‍රදේශයේ පිහිටි ‘හොරකැලේ වත්ත’ ගොවිපොළ ආශ්‍රිතව ‘Silicone City’ නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම ගොවිපොළ ආශ්‍රිතව පවතින සාරවත් සිලිකා වැලි නිධිය සහ දිවයිනේ උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) සම්පත උපයෝගී කරගනිමින්, මෙරට කාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම ජාතික ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපෘතියට අදාළව මේ වන විට ගෙන ඇති ප්‍රධාන තීරණ සහ ඉදිරි පියවර පහතින්.

සම්පත් තක්සේරුව – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා අදාළ සිලිකා නිධියේ නිශ්චිත ප්‍රමාණය කඩිනමින් තක්සේරු කිරීම.

ආයෝජන සහ පරිසර සංරක්ෂණය – පරිසර පද්ධතිය උපරිමයෙන් ආරක්ෂා කරමින්, දේශීය හා විදේශීය ආයෝජන කැඳවීම සඳහා සියලුම රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත් කිරීම.

තිරසර සංවර්ධන සංකල්පයට මුල්තැන දෙමින්, නවීන තාක්ෂණය ඔස්සේ මෙරට කාර්මික ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අපේක්ෂාවයි.

එමෙන්ම, මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව රැකියා අවස්ථා රැසක් උදාකර දීමට ද නියමිතව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com