බෙරගල – වැල්ලවාය මාර්ගය ද්විත්ව මංතීරු සහිත කාපට් මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ආරම්භ කරයි

0
බෙරගල – වැල්ලවාය මාර්ගය ද්විත්ව මංතීරු සහිත කාපට් මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ආරම්භ කරයි

බෙරගල – වැල්ලවාය මාර්ගය ද්විත්ව මංතීරු සහිත කාපට් මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ආරම්භ කරයි

ප්‍රදේශවාසීන්ගේ සහ මාර්ගය භාවිතා කරන ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමක් ඉටු කරමින්, බෙරගල – වැල්ලවාය මාර්ගය ද්විත්ව මංතීරු සහිත කාපට් මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ සඳහා රුපියල් මිලියන 2,380ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මෙම වසර තුළ අදියර පහක් යටතේ සංවර්ධන කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 322ක පිරිවැයකින් (25) දින දියලුම ප්‍රදේශයෙන් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

දින 182ක කාලසීමාවක් ඇතුළත එහි වැඩ කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම අදියර පහ නිම වීමෙන් අනතුරුව, නායයාම් අවදානම් සහිත ස්ථාන ස්ථායිකරණය කරමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ව්‍යාපෘතියක් යටතේ මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා වංගු සහිත කඳුකර මාර්ගයේ අනතුරු අවම කරමින් ගමන් කාලය සහ පිරිවැය අඩු කර ගැනීමට හැකි වන අතර, දියලුම සහ ඇල්ල වැනි කලාපයන් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය පහසු කරමින් ආර්ථික දියුණුවක් ඇති කිරීමටද මඟ පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com