හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ පාරේ ගියොත් නඩු

0
හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ පාරේ ගියොත් නඩු

හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ පාරේ ගියොත් නඩු

හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ සංගී­ත­යට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදි­ක­යන්ට එරෙ­හිව ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලී­සියේ රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ අධ්‍යක්ෂ, ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මනෝජ් රණ­ගල මහතා පැව­සීය.

මේවා පැලඳ සංගී­ත­යට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතු­වෙන් පදි­ක­යන් අන­තු­රට ලක්වීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බවත්, මේ ආකා­ර­යෙන් ගමන් ගන්නා පදි­ක­යන්ට දැනට අව­වාද කිරීම් පම­ණක් සිදු කළද ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මාර්ග අන­තුරු හේතු­වෙන් දින­කට පුද්ග­ල­යන් 10 දෙන­කුට වඩා මිය­යන අතර, 2026 වසරේ ජන­වාරි 01දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථ­වා­හන අන­තුරු 1,323කින් පුද්ග­ල­යන් 1,389 දෙනකු මර­ණ­යට පත්ව ඇති බවද මනෝජ් රණ­ගල මහතා පැව­සු­වේය.

2025 වස­රට සාපේ­ක්ෂව මෙම වස­රේදී අන­තුරු සංඛ්‍යාව 105කින් ද, මරණ සංඛ්‍යාව 107කින්ද ඉහළ ගොස් තිබීම දැඩි කන­ස්ස­ල්ලට කරු­ණක් බව පැවසූ හෙතෙම, මෙම අන­තු­රු­ව­ලින් වැඩි වශ­යෙන්ම විප­තට පත්වන්නේ පදි­ක­යන් සහ පාපැ­දි­ක­රු­වන් බවද කීවේය. අන­ව­ධා­නය, අප­රි­ක්ෂා­කාරී බව, මාර්ග නීති උල්ලං­ඝ­නය කිරීම සහ අධික වේගය මෙන්ම වාහ­න­වල සහ මාර්ග­වල පව­තින දුර්වල නඩ­ත්තුවද මෙම අන­තුරු සඳහා ඍජු­වම බල­පාන බව හෙතෙම පෙන්වා දුන්නේය.

11 වැනි ජාතික අන­තුරු නිවා­රණ සතිය ජූලි 6 සිට 10 දක්වා පැවැ­ත්වීම නිමි­ත්තෙන් සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවති මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මින් ඔහු මේ බව පැව­සීය.

අන­තුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලී­සිය, පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත විශේෂ මෙහෙ­යුම් සහ නව තාක්ෂ­ණික ක්‍රම­වේද හඳුන්වා දී ඇත. අධික වේග­යෙන් ධාව­නය කරන වාහන හඳු­නා­ගැ­නීම සඳහා කිලෝ­මී­ටර තුනක දුරක් ආව­ර­ණය කළ හැකි නවීන වේග­මා­පක අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් ගෙන්වා දැන­ට­මත් ක්‍රියා­ත්මක කර තිබේ.
නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදී කිසිදු පුද්ග­ල­ය­කුගේ තරා­ති­ර­මක් නොබ­ලන බවත්, මාර්ග­යේදී යම් අන­තු­රක් සිදු වුව­හොත් අනි­වා­ර්ය­යෙන්ම අදාළ පුද්ග­ල­යන් අධි­ක­ර­ණ­යට යොමු කරන බවත් ඔහු තරයේ අව­ධා­ර­ණය කරයි.
ඉදි­රි­යේදී මාර්ග නීති තදින් ක්‍රියා­ත්මක කර දැඩි දඬු­වම් ලබා දීම­ටත්, රියැ­දුරු බල­පත්‍ර අව­ලංගු කිරී­ම­ටත් කට­යුතු කෙරෙනු ඇත. රියැ­දු­රන්ගේ සහ­යෝ­ගය නොමැති නම් මෙම ව්‍යස­නය නැවැ­ත්වීම සඳහා නීතිය දැඩි කිරීම හැර වෙනත් වික­ල්ප­යක් නොමැති බව රණ­ගල මහතා කියා සිටි­යේය. මීට සම­ගා­මීව පාසල් දරු­වන් දැනු­වත් කිරීම සඳහා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය, ශ්‍රී ලංකා පොලී­සිය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය එක්ව ‘ටේක් කෙයාර්’ (Take Care) නමින් විශේෂ වැඩ­ස­ට­හ­නක් ද මේ වන විට ආරම්භ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com