වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවයි

0
වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවයි

වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවයි

ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවා ඇති අතර ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (28) දිනය වනවිට ගතවූ ජූනි මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇති තිබූ අතර ඒ සමගින් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159ක්.

ඒ අනුව දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙසින් නම්කර තිබෙන අතර,
වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ පළාත ලෙස බස්නාහිර පළාතෙන් රෝගීන් 27,833ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතාත්මකව 52.36%ක්.

ඩෙංගු අධිඅවදානම හමුවේ නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීමේ ඩෙංගු මර්දන වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

මෙම දීර්ඝ සති අන්තය ඩෙංගු මදුරුවා මැඩලීමේ ශ්‍රමදාන සඳහා යොදා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම දින කිහිපයේ පැවැත් වෙන දන්සැල් ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීමේදී දැඩි ලෙස සැලකිළිමත් වන ලෙසයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉල්ලා සිටින්නේ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ඩෙංගු පැතිර යාමේ අධිඅවදානම් තත්ත්වයක් හදුනාගෙන තිබෙනවා. එය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගාල්ල බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාගේ සහායෙන් නගරයේ කානු පද්ධතිය මෙන්ම මාර්ග දෙපස පිරිසිදු කිරීම සිදු කෙරුණා.

මේ අතර ඩෙංගු ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වුවද ජනතාව තවමත් ඒ පිළිබඳ සිය වගකීම ඉටු නොකරන බවට සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com