හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට කඩිනමින් හැඳුනුම්පත්

0
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට කඩිනමින් හැඳුනුම්පත්

හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට කඩිනමින් හැඳුනුම්පත්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දේ.

රුපියල් 3000ක්ව පැවති එම දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට සහ දීමනාව හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමටද වත්මන් රජය තීරණය කලේය.

ඒ අනුව මේ වන විට ‘අස්වැසුම’ ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790කට සහ තැපැල් කාර්යාල මගින් 232,496කට වැඩිහිටි දීමනාව ලබාදෙන බවයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය සඳහන් කළේ.

නමුත්, ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින්, එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දියත් කර තිබේ.

යම් හෙයකින් ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙතොත්, හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com