සංචාරක පැමිණිම ලක්ෂ 11 ඉක්මවයි

0
සංචාරකයින් පැමිණිම ලක්ෂ 11 ඉක්මවයි

සංචාරකයින් පැමිණිම ලක්ෂ 11 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ ගතවූ මාස හයකට ආසන්න කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, ජනවාරි 01 වනදා සිට ජුනි 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,104,354 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

ජුනි මාසයේ මුල් දින 21 තුළ පමණක් සංචාරකයින් 82,332 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, එම මාසයේදීද වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 31,158 කි. මීට අමතරව ජුනි මාසයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානිය (6,658) සහ චීනය (5,178) ලබාගෙන තිබේ.

මේ අතර, වසරේ මේ දක්වා ගතවූ සමස්ත කාලය තුළද ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇත්තේ ඉන්දියාවෙනි. එම අගය 281,418 ක් ලෙස සටහන් වේ.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 6,658ක් ලෙසද සටහන් වී තිබේ.

තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 5,178කි.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා මාසිකව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් සංචාරකයින් 279,328 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com