ඉරානයට එරෙහි නාවික අවහිරය ඉවත් කෙරේ
ඉරානයට එරෙහි නාවික අවහිරය ඉවත් කරයි
මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එල්ල කළ නාවික අවහිරය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම අනුව අවහිරය අවසන් වූ බව හා ඇතැම් ඇමරිකානු යාත්‍රා තවදුරටත් එම ප්‍රදේශයේ පවතිනු ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා X ගිණුම ඔස්සේ සඳහන් කර ඇති බවයි.
ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමෙයිනි පවසා තිබෙන්නේ වෙනස් මතයක් තිබියදීත් විස්තර නොකර ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුම අනුමත කළ බවයි.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් “ඉරාන ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරන” බවට දුන් සහතිකයෙන් පසුව එය ඉදිරියට යාමට ඉඩ දුන් බව ඔහු පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එමෙන්ම, ටෙහෙරාන් සහ වොෂින්ටනය අතර අනාගතයේදී පුද්ගලික සාකච්ඡා පැවැත්වෙනු ඇතත්, මෙයින් සතුරාගේ ස්ථාවරය පිළිගැනීමක් අදහස් නොවන බවයි ඉරාන නායකයා පවසා තිබෙන්නේ.
කමෙයිනි ගිවිසුමට ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙයයි.
ඔහුගේ පියා සහ පූර්වගාමියා වූ අයතුල්ලා අලි කමේනි, කලාපීය යුද්ධයට තුඩු දුන් පෙබරවාරි 28වන දින ඉරානයට එල්ල කළ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනය කිරීමෙන් පසු මාර්තු මාසයේදී ඔහු බලයට පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණා.
ඇමෙරිකා-ඉරාන ගිවිසුම ප්‍රධාන කරුණු 14ක් වටා ගොඩනැගී තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නොතිබිය යුතුය යන නියමය සහ රටේ “ප්‍රතිසංස්කරණ හා ආර්ථික සංවර්ධනය” සඳහා ඩොලර් බිලියන 300 ක අරමුදලක් වෙනුවෙන් කැපවීම ඊට ඇතුළත් වේ – කෙසේ වෙතත් මෙයට දායක වීමට ඇමෙරිකාවට බැඳීමක් නොමැති අතර මෙම ගිවිසුම අනුව දෙපාර්ශ්වය අවම වශයෙන් දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට කටයුතු කළ යුතු අතර, අවශ්‍ය නම් දෙපාර්ශ්වයේ එකඟතාව මත කාලය දීර්ඝ කළ හැකියි.
ගිවිසුමට නිල අත්සන් තැබීමේ උත්සවය ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මැදිහත්කරු ලෙස කටයුතු කළ පාකිස්තානය පවසා ඇත්තේ එය දැනටමත් දුරස්ථ ක්‍රමයෙන් අත්සන් කර ඇති බැවින් උත්සවය අවලංගු කළ බවයි.
