කලාකරුවන් 4,988ක් සහභාගි වී, භරත නාට්‍ය නව ගිනස් ලෝක වාර්තාවක්

0
කලාකරුවන් 4,988ක් සහභාගි වී, භරත නාට්‍ය නව ගිනස් ලෝක වාර්තාවක්

කලාකරුවන් 4,988ක් සහභාගි වී, භරත නාට්‍ය නව ගිනස් ලෝක වාර්තාවක්

ගාලුමුවදොර පිටියේදී ඊයේ (14) පැවති ‘සංගමම් 2026’ භරත නාට්‍ය උත්වසවය නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ නොමැකෙන රන් අකුරක් සනිටුහන් කළ මෙම වැඩසටහනට කලාකරුවන් 4,988ක් සහභාගි වී ඇත.

මෙහිදී බිඳහෙලා ඇත්තේ කලාකරුවන් 416 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තබා තිබූ වාර්තාවය.

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සෘජු මඟපෙන්වීම සහ සංකල්පයකට අනුව මෙම උත්සවය සංවිධානය කර තිබේ.

ඉන්දියාවේ ‘සංගමම් ග්ලෝබල් ඇකඩමි’ සහ ශ්‍රී ලංකාවේ ‘සංගමම් ලියා හොලිඩේස්’ යන ආයතන ඒකාබද්ධව මෙම දැවැන්ත උත්සවය සංවිධානය කර ඇත.

පසුගියදා ඉන්දියාවේ පැවැති ‘අයලග තමිලර් මානාඩු’ (විදේශගත දමිළ වැසියන්ගේ සමුළුව) අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ඉන්දියාවේ සහයෝගය ලැබී තිබේ.

ඒ අනුව මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද නියෝජනය කරමින් භරත නාට්‍ය කලාකරුවන් සහභාගි වී ඇත.

එක්සත් රාජධානියේ (UK) සිට මෙරටට පැමිණි ගිනස් ලෝක වාර්තා ආයතනයේ නිල විනිශ්චයකාර රිෂි නාත් මහතා විසින් මෙම වාර්තාගත උත්සාහය සෘජුවම නිරීක්ෂණය කරන ලදී.

ඉන් අනතුරුව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාව ලැබූ මෙම ගිනස් වාර්තාව සනාථ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com