ඉදිරි මාස තුනේ රජයේ වියදම කෝටි 200කින් ඉහළට
ඉදිරි මාස තුනේ රජයේ වියදම කෝටි 200කින් ඉහළට
ඉදිරි මාස තුනක කාලය සඳහා රජයේ රජයේ වියදම රුපියල් බිලියන 20ක් හෙවත් රුපියල් කෝටි 200කින් වැඩි කිරීම සඳහා ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊයේ දිනයේ (ජුනි 12) ඒ සම්බන්ධයෙන් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
එම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ නියෝජිතයා පැවසුවේ රුපියල් බිලියන 100ක් වන මීට පෙර ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉදිරි මාස තුනක කාලයේ සුභසාධන වියදම් සඳහා එම රුපියල් බිලියන 20ක මුදල යොදවා ගන්නා බවයි.
එය විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන 15ක් වශයෙන් හා ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 5ක් වශයෙන් යොදවා ගන්නා බව වැඩිදුරටත් ප්රකාශ කෙරුණි.




