යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් ප්‍රහාර

0
යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් ප්‍රහාර

යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

පසුගිය මාසයේදී යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයේ ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයට මෙම ප්‍රහාර දියත් කරන බවට රුසියාව විසින් අනතුරු අඟවා තිබූ පසුබිමක මෙම ප්‍රහාර එල්ල කර තිබුණා.

රුසියාව විසින් යුක්‍රේනයට බැලස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රහාර හමුවේ කියෙව් නගරාධිපතිවරයා ජනතාවට පවසා ඇත්තේ එල්ලවන ප්‍රහාර හමුවේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com