දිට්වා නිසා ගෙවල් අහිමි අයට සහනයක්

0
දිට්වා නිසා ගෙවල් අහිමි අයට සහනයක්

දිට්වා නිසා ගෙවල් අහිමි අයට සහනයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවසක් නොමැති නිවාස හිමියන්ට තම නිවෙස් නැවත ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා මෙතෙක් ලබා දුන් මාස 06ක උපරිම මාසික ගෙවල් කුලී දීමනාව, උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත, බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක් වූවන් සවි බල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක පැවති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලු වලට පිළියම් වශයෙන් පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

ඒ අනුව, නිවාස අහිමි වූ පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවස ඉදි කර ගනු ලබන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා උපරිම මාස 06ක් දක්වා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

ගල්, පස් හා සුන්බුන් එකතු වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවතවගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්/ සහකාර කොමසාරිස් විසින් අනුමතකරනු ලබන ඇස්තමේන්තුවක් අනුව අදාළ ආයතනවල අනුමැතින් ලබා ගැනීමෙන් අනතුරුව එකී සුන්බුන් ඉවත් කර නැවත වගාවට යෝග්‍ය පරිදි සකස් කිරීමට අදාළව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම.

ගල් පෙරලීම සහ පස් කඩා වැටීම් සිදු වී ඇති ස්ථාන හෝ නායයෑම් අවදානම් සහිත ස්ථානවල නායයෑම් අවදානම් අවම කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරන පරිදි සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නායයෑම් අවම කිරීමේ වැඩසටහන මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවිත කිරීම.

අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම. යන යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com