තායි රජය විදේ­ශි­ක­යන්ගේ වීසා රහිත කාල­සී­මාව අඩු කරයි

0
තායි රජය විදේ­ශි­ක­යන්ගේ වීසා රහිත කාල­සී­මාව අඩු කරයි

තායි රජය විදේ­ශි­ක­යන්ගේ වීසා රහිත කාල­සී­මාව අඩු කරයි

වීසා බල­පත්‍ර රහි­තව තායි­ල­න්තයේ රැඳී සිටී­මට විදේ­ශි­ක­යන්ට දුන් දින 60ක සහන කාල­සී­මාව දින 30ක් දක්වා සීමා කිරී­මට එරට රජය පිය­වර ගෙන තිබේ.

ජාතික ආර­ක්ෂාව අර­මුණු කර­මින් මේ පිය­වර ගත් බව තායි­ලන්ත අග­මැති අනු­ටින් චාර්න්වි­ර­කුල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වසං­ග­ත­යෙන් පසු තායි­ල­න්තයේ ආර්ථි­කය නැංවීමේ පිය­ව­රක් ලෙස 2024 වසරේ ජූලි මාසයේ සිට රට­වල් 93ක සංචා­ර­ක­යන්ට එම දින 60ක වීසා රහි­තව රැඳී සිටීමේ සහන කාල­යක් ලබා දුන් අතර, එම කාල­සී­මාව අඩු කිරී­මට තායි­ල­න්තය රජය පිය­වර ගෙන ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය සහ ලිංගික ජාවා­රම් ඇතුළු නීති­වි­රෝධි කට­යුතු සම්බ­න්ධව අග්නි­දිග ආසි­යා­තික සංචා­ර­ක­යන් රැස­කට නඩු පැවැ­රීම සැල­කි­ල්ලට ගැනී­මෙන් පසුව බව තායි­ල­න්තයේ විදේශ අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබේ.

පසු­ගි­යදා එරට මධ්‍යම ප්‍රකාන් ප්‍රාන්තයේ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ ස්වයං­ක්‍රිය වීදුරු ගේට්ටු­ව­කට හානි කළ චීන ජාති­ක­ය­කුට භාත් 15,000ක දඩ මුද­ලක් නියම කර ඇති අතර, ඔහුගේ වීසා බල­ප­ත්‍රය අව­ලංගු කර අසාදු ලේඛ­න­ගත කිරී­මට තායි­ලන්ත බල­ධා­රින් පිය­වර ගෙන ඇති අතර, මේ වන විට අත්අ­ඩං­ගුවේ පසු­වන 30 හැවි­රිදි එම පුද්ග­ල­යාට නඩු පවරා ඇති බවත්, ඔහු වර­ද­කරු වුව­හොත් වස­රක් දක්වා සිර­ද­ඬු­ව­ම­කට යටත් වීමට සිදු­වනු ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

සංචා­ර­ක­යන්ගේ මෙවැනි නීති­වි­රෝධි කට­යුතු හේතු­වෙන් දින 60ක වීසා රහිත සහන කාල­යක් ලබා දුන් ඔස්ට්‍රේ­ලි­යාව, චීනය, ප්‍රංශය, ජර්ම­නිය, ඉන්දි­යාව, ඉතා­ලිය, ස්පාඤ්ඤය, අමෙ­රි­කාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රට­වල් 93ක සංචා­ර­ක­යන්ට වීසා රහි­තව තායි­ල­න්තයේ රැඳී සිටිය හැකි කාලය දින 30කට සීමා කර ඇති අතර, තායි­ලන්ත රාජ­කීය ගැසට් පත්‍ර­යට ඇතු­ළත් කිරී­මෙන් පසු නව වීසා ක්‍රම­වේ­දය බලා­ත්මක වනු ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com