ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

0
ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන් පවසන්නේ අමෙරිකාව නැවත ප්‍රහාර එල්ල කළහොත්, මෙම යුද්ධය මැද පෙරදිගින් ඔබ්බට ලෝකයේ අනෙක් කලාපවලටත් ව්‍යාප්ත කරන බවයි.

අම‍ෙරිකාව සහ ඉරානය අතර සටන් නැවැත්වීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී ඇතත්, සාමය උදාකර ගැනීම සඳහා වන සාකච්ඡා මේ වන විට ඇනහිට තිබේ.

මේ අතර, තමන් ඉරානයට බෝම්බ හෙලීමේ තීරණයට ඉතා ආසන්නව සිටි නමුත්, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ඉඩ තබා එය අවසන් මොහොතේ නතර කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com