17 වැනි රණවිරු සමරුවට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම්

0
17 වැනි රණවිරු සමරුවට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම්

17 වැනි රණවිරු සමරුවට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම්

මැයි 19වන දිනට යෙදෙන 17වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිති කරගනිමින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 5,289කට ඔවුන්ගේ ඊලග නිලයට නිල උසස්වීම් පිරිනමා තිබේ.

මව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකල අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19වන දින මෙසේ ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබන අතර අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදුකර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com