මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

0
මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් ඉල්ලීමක්

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ එම සැකකරුවන් අද (12) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

පසුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed