මනුෂගේ වත්කම් බැරකම් ගැන විමර්ශනයක්
මනුෂගේ වත්කම් බැරකම් ගැන විමර්ශනයක්
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නිතී විරෝධී වත්‍කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම මහතා හමුවේ ඊයේ (11) දැනුම් දී තිබුණා.
ඒ අල්ලස, දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් කළ පැමිණිල්ලකට අනුවයි.
2011, 2013, 2015 සහ 2022 යන වසරවලට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එහිදී හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසත් එම විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමට අධිකරයෙන් අවසර ලැබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.




