නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන්න – පොලීසිය

0
නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන්න – පොලීසිය

නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන්න – පොලීසිය

නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන ලෙස එහි හිමිකරුවන් වෙත පොලීසිය අවධාරණය කරනවා.

ලැගුම්හල් /වාණිජ ගොඩනැගිලි /මහල් නිවාස /නිවාස හා වෙනත් ගොඩනැගිලි කුලී හෝ බදු පදනම මත ලබාගන්නා ඇතැම් පුද්ගලයින් එම පරිශ්‍රයන් වංචනික ක්‍රියා සඳහා භාවිත කරන බව හෙළිව තිබෙනවා.

ඇතැමුන් අයිතිකරුවන් අපේක්ෂා නොකරන ආකාරයට විශාල මුදලක් ගෙවා මෙලෙස නිවාස හා පරිශ්‍ර කුලී පදනම මත ලබාගන්නා ආකාරයද දැකගත හැකියි.

එම පරිශ්‍ර වංචනික හා අපරාධ ක්‍රියා සඳහා භාවිත කරන බැවින් ඒවා ලබාදීමේ දී සැළකිලිමත් වන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

නිවාස හා ගොඩනැගිලිවල පදිංචි සියලු පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීමේ බලය පොලීසියට පවතිනවා.

ගෘහමූලිකයා විසින් තාවකාලිකව පදිංචිවන පුද්ගලයින් පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට ලබාදිය යුතුයි.

පදිංචිකරුවන්ගේ වෙනසක් සිදුවන සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමට ගෘහමූලිකයා හෝ නිවාස හිමිකරුවා බැඳී සිටිනවා.

එසේ නොකර හැරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

කුලී හෝ බදු පදනම මත නිවාස හෝ ගොඩනැගිලි ලබාදීමේ දී එය ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාව හා අවශ්‍යතාව ගැන අවදානයෙන් කටයුතු කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටිනවා.

සමාජ විරෝධී ක්‍රියා සිදුකරන යම් ස්ථානයක් හෝ පුද්ගලයින් පිළිබඳ තොරතුරු 119 හෝ 118 අංක වලට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com