කොළඹ නගර සභාවේ මන්ත්රීවරු 3න් දෙනෙකු ස්වාධීන වෙයි
කොළඹ නගර සභාවේ මන්ත්රීවරු 3ක් ස්වාධීන වෙයි
කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්රීවරුන් තිදෙනෙකු අද(12) සිට ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
ස්වාධීන කණ්ඩායම් එක නායක හුසේන් මංසිල්, ජාතික ජනතා පක්ෂයේ මන්ත්රී ඉන්දික සංජීව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී සුනන්ද පතිරණ යන මහත්වරුන් මෙලෙස අද (12) දිනයේ සිට ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
අද (12) පෙරවරුවේ නගරාධිපති ව්රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්රදානත්වයෙන් සභාව රැස්වු අවස්ථාවේ දී මෙම මන්ත්රීවරුන් විශේෂ ප්රකාශ සිදුකරමින් ස්වාධීන වීමට තීරණය තිබේ .




