කපිලට ව්‍යාජ ඇපකරුවන් දුන් තැරැව්කරුවන්ට නියෝගයක්
කපිලට ව්‍යාජ ඇපකරුවන් දුන් තැරැව්කරුවන්ට නියෝගයක්
අබිරහස් ලෙස පසුගියදා මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීමට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කෙසෙල්වත්ත පොලීසිය විසින් සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහෙස්ත්‍රත්වරයා එක් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.




