FIFA සභාපතිගෙන් ඉරාන කණ්ඩායමට සුබපැතුම්

0
FIFA සභාපතිගෙන් ඉරාන කණ්ඩායමට සුබපැතුම්

FIFA සභාපතිගෙන් ඉරාන කණ්ඩායමට සුබපැතුම්

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සිය සුබපැතුම් පිරිනමා ඇත.

“අඛණ්ඩව සිවුවැනි වරටත් ෆිෆා ලෝක කුසලාන තරගාවලියකට පිවිසෙන ඉරාන ඉස්ලාමීය ජනරජයට මම සුබ ප්‍රාර්ථනා කරනවා,” යැයි සභාපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

2026 ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන පළමු තරගය ජූනි 15 වෙනිදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

කලාපීය යුදමය වාතාවරණය හමුවේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන්, තමන් සහභාගී වන තරග අමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය මීට පෙර ෆිෆා ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භ වීමට මෙතරම් කෙටි කාලයක් පවතිද්දී සැපයුම් සහ සංවිධාන කටයුතු වෙනස් කළ නොහැකි බව පවසමින් ෆිෆා ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com