ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉදිරියට
ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉදිරියට
ඉකුත් අඟහරුවාදා (05) නිකුත් කළ ICC කාන්තා ක්‍රිකට් 20-20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙතෙක් ඇය පසුවුණේ, පස්වන ස්ථානයේයි.
පසුගියදා නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේදී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙනුයි චමරි අතපත්තු මෙලෙස අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇති බව සදහන්.
එහි පළමු තැන පසුවන්නේ නවසීලන්ත ක්‍රීඩිකා අමීලියා කර්.




