ඉරානය වෙනුවට ඉතාලියට එන්න කළ ආරාධනය, ඉතාලිය ප්‍රතික්ෂේප කරයි
ඉරානය වෙනුවට ඉතාලියට එන්න කළ ආරාධනය, ඉතාලිය ප්‍රතික්ෂේප කරයි
මෙවර FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලියට අවස්ථාව ලබා දෙන ලෙස ඉදිරිපත් වූ යෝජනාව ඉතාලි රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතාලි ක්‍රීඩා අමාත්‍ය ඇන්ඩ්‍රියා අබෝඩි (Andrea Abodi) ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙනුවට ඉතාලි කණ්ඩායම හෙවත් “Azzurri” කණ්ඩායම නම් කිරීම කිසිසේත්ම උචිත නොවන බවයි.
අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, ලෝක කුසලානයකට සුදුසුකම් ලැබීම ක්‍රීඩා පිටිය තුළ දක්ෂතා මත සිදු විය යුත්තක් මිස මෙවැනි මැදිහත්වීම් මත සිදු නොවිය යුත්තක් බවයි.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකු වන පාඔලෝ සැම්පොලි (Paolo Zampolli) විසින්
