දන්සැල්වලට සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
දන්සැල්වලට සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි.
දන්සැල් පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, ලිපිනය, දුරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් යුතු වේ.
සෞඛ්‍යාරක්ෂිත දන්සැල් පවත්වාගෙන යාම පිළිබඳව දන්සැල් සංවිධායකයින්ව මනාව දැනුවත් කළ යුතු බව අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකුලව කටයුතු කිරීමට බවට වග බලා ගත යුතුයි.
දන්සැල් ආරම්භ කිරීමට පෙර සහ දන්සැල් අවසන් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බවට වග බලා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ආරම්භයේ සිට අවසානය දක්වා නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් යොදාගත යුතු වනවා.
හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජලය දන්සැලේ ආහාර සකස් කිරීමට සහ පරිභෝජනයට යොදාගැනීමට වග බලා ගන්නා ලෙසත්, එසේ කළ නොහැකි අවස්ථාවලදී ආරක්ෂිත ජල මූලාශ්‍රවලින් ජලය ලබාගැනීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථාවලචී අත් සේදීම සඳහා ජල පහසුකම් සහ අත් පිරිසිදුකාරක සපයා ඇති බවට සහතික කළ යුතුයි.
දන්සැලේ ආහාර පිළියෙල කිරීම සහ පාරිභෝජනයඅතර කාලය පැය 04කට නොවැඩි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වේ.




