සයිබර් සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන විමර්ශනයට ඕස්ට්‍රේලියා සහය

0
සයිබර් සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන විමර්ශනයට ඕස්ට්‍රේලියා සහය

සයිබර් සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන විමර්ශනයට ඕස්ට්‍රේලියා සහය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්කරුවන් ඇතුළු වී සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඔවුන් ඒ බව සඳහන් කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකා බලධාරීන් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර,එම විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඕස්ට්‍රේලියාව තවදුරටත් කැපවී සිටින බවද සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com