අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක්
අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සකස් කරනු ලැබූ නව ක්‍රමවේදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ සඳහන් නිර්ණායකයන්ද සැලකිල්ලට ගනිමින් මෙලෙස අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇත.
මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාශීලීව සිටින බස් රථ හිමියන් ආරක්ෂා වන පරිදිත් නව ආයෝජකයින්ට පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මගින් ගුණාත්මක සේවාවක් ලබාගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදි එම ක්‍රමවේදය සකස් කර ඇත.




