ඉරාන ධජය සහිත නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට

0
ඉරාන ධජය සහිත නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට

ඉරාන ධජය සහිත නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට

ඉරානයට ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම නෞකාවට නතර කරන ලෙස අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බවයි.

අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිත TOUSKA නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත් එය සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්ව තිබුණා.

එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා ඔවුන් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබෙනවා.

අදාළ නෞකාව ඉරාන වරායක් දෙසට යාත්‍රා කරමින් තිබී ඇති අතර අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගැනීම සම්බන්ධව ඉරානයේද අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධව නිවේදනයක් යොමු කරමින් ඉරානය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් සහ මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් වන බවයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර ඇති බරිදි ඉරානයේ ඉහළම හමුදා මූලස්ථානය වන කටම් අල් – අන්බියා හී ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන් මුහුදේදී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තබා එහි නාවික පද්ධතිය අක්‍රීය කර ඇති බවයි.

ඒ අනුව එක්සත් ජනපද නාවික හමුදාවේ මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මනින් ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඉරානය අමෙරිකාවට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com