ඕස්ට්‍රේලියාව හා ජපානය අතර යුද නෞකා ගිවිසුමක්

0
ඕස්ට්‍රේලියාව හා ජපානය අතර යුද නෞකා ගිවිසුමක්

ඕස්ට්‍රේලියාව හා ජපානය අතර යුද නෞකා ගිවිසුමක්

ඕස්ට්‍රේලියාව හා ජපානය ඩොලර් බිලියන 7ක වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හා ජපානය අතර යුද නෞකා ගනුදෙනුවක් සඳහායි නව ගිවිසුමකට එළඹ ඇත්තේ.

ගිවිසුම යටතේ ඩොලර් බිලියන 7ක වටිනාකමකින් යුත් යුද නෞකා ඕස්ට්‍රේලියාවට සැපයමට ජපානය එකඟතාව පළකර තිබෙනවා.

2014 වසරේ දී හමුදා අපනයන තහනම ඉවත් කිරීමෙන් පසු ජපානය එළඹි ප්‍රතිඵලදායකම ගිවිසුම මෙය ලෙසයි හැඳින්වෙන්නේ.

ගිවිසුම සඳහා දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් අත්සන් තැබුවා.

2029 වසරේ දී ජපානයේ මිට්සුබිෂී සමාගම නිෂ්පාදනය කරන බහුකාර්ය නෞකා තුනක් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට සැපයීමට නියමිතයි.

තවත් නෞකා 8ක් ඕස්ට්‍රේලියාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිත බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com