ලක්ෂ 30 කට ආසන්න විෂ මත්පෙති සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට

0
රු. ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඇඟලුම් සේවකයින් සහ පාසල් ළමුන් ඉලක්ක කර ගෙන ලක්ෂ 30කට ආසන්න විෂ මත්පෙති විකිණිමේ ජාවාරමට අදාලව මත්පෙති 12120ක් සමග සැකකරුවන් දෙදෙනකු දැරණියගල නූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව උඩහේන් කන්ද, දැරණියගල පදිංචි ඉඹුල්පිටි කන්දේ සැකකරුවෙක් මෙලෙස ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බවයි සඳහන්.

ඉහත සැකකරුහට මත් පෙති වෙළඳාම සඳහා මත් පෙති ලබා දීමට පැමිණි දෙහිවල කුලී නිවසක පදිංචි පුද්ගලයකු නිසි අවසරයකින් තොරව PREGABALIN වර්ගයේ මත් පෙති 700ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල නගරයේදී සාර්ථක වැටලීමක් සිදු කර සැකකරු අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එහිදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුගේ දෙහිවල ලිපිනයේ තිබී විකිණීම සඳහා නිසි බල පත්‍රයකින් තොරව ගබඩා කර තිබූ තවත් PREGABALIN මත් පෙති 11400ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු මීට වසර දෙකකට පමණ පෙර ඖෂධ සමාගමේ බෙදා හැරීමේ නිලධාරියකු ලෙස කටයුතු කර ඉවත්ව ඇති පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධතා මත මෙම මත් පෙති ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නූරිය පොලිසියේ ස්ථානාධිපති විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම වැටලීම් වලදී අත් අඩංගුවට ගත් මුළු PREGABALIN මත් පෙති ප්‍රමාණය 12120ක් බවට පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ එක මත්කරලක් රුපියල් 250ත් 300ත් අතර මුදලට අලෙවි කරන බවයි.

දෙහිඕවිට දැරණියගල නූරිය, මාලිබොඩ යන ප්‍රදේශවල ඇඟලුම් සේවකයින් සහ පාසල් දරුවන් ඉලක්ක කර මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වි ඇත්තේ.

අද (12) දින සැකකාර පුද්ගලයන් දෙදෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com